වරායේ ගෑස් ටැංකිය පිපිරී අයෙක් මරුට


ගාල්ල ධීවර වරායේ අයිස් ගබඩාවේ අළුත්වැඩියාවක් කරමින් සිටි පුද්ගලයකු පිපිරීමකින් මියගොස් එක් අයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල පදිංචි තිදරු පියෙකි. ඇමෝනියා වායුව පුරවමින් තිබූ ටැංකියක් පිපිරී ඔහු මරණයට පත් ඇති බව ද පොලීසිය කියයි.