තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වලට එරෙහිව තමිල්නාඩුවේ සිට ලංකාවට ගෙන එන භාණ්ඩ ගොඩබෑම හා ශ්‍රී ලංකාවෙන් චෙන්නායි නුවරට යවන භාණ්ඩ පැටවීම වර්ජනය කිරීමට වරාය අධිකාරියේ සේවකයෝ සැරැසෙති.
එහි මුල් පියවර ලෙස අද දහවල් 12 සිට පස්වරු එක දක්වා වර්ජනය කළ වරාය සේවකයෝ වරාය අපනයනය දොරටුව ඉදිරිපිටදී තමිල්නාඩු රජයට විරෝධය පෑහ.