
(යොහාන් භාසුර)
ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති උපයනවිට බද්ද වාහා අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ වරාය සේවකයෝ වරාය ඉදිරිපිට අද (13) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘අසාධාරණ බදු පනත වාහා හකුලාගනු’ යන තේමාව යටතේ පැවැති එම විරෝධතාවට වරාය සේවකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



