සීඑස්එන් නාලිකාවේ හිටපු අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග මහතාට ඇප ඉල්ලුම අද අලුත් කඩේ උසාවියේ දී විභාගයට ගැනීමේ අවස්ථාවට සහභාගී වූ වරාය සභාපති ධම්මික රණතුංග එහි පැමිණෙද්දි මාධ්‍ය ඡායාරූප ශිල්පීහු ඡායාරූප ගත්හ.
ධම්මික රණතුංග අධිකරණයට එමින් සිටියදී එය වීඩියෝ කරමින් සිටි විද්‍යුත් මාධ්‍යවේදීන්ට ඔහු බැණ වැදුණු බවත්, එක් මාධ්‍යවේදියකුට කුණුහරපෙන් බැණ මරණ තර්ජනය කළ බවත් කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

