වරාය ලාභයෙන් කෝටි 500 ක් භාණ්ඩාගාරයට


(යොහාන් භාසුර)


ශ්‍රී ලංකා වරාය අධිකාරාය මෙම වසරේ ලැබූ ලාභයෙන් රුපියල් බිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 500 ක් ඒකාබද්ධ අරමුදලට  දීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල්ගුවන් සේවා අමාත්‍යංශය පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 2ක් ඒකාබද්ධ අරමුදලට  දුන් අතර තවත් බිලියන 3 ක් දෙසැම්බර් මාසයේදී ලබා දීමට නියමිත බව ද එම අමාත්‍යංශය කීය.


ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2024 වසර දක්වා දශකයේ ඒකාබද්ධ අරමුදලට ලබාදී ඇති මුදල රුපියල් බිලියන 10.3ක් පමණි බවත් නව රජය බලයට  පත්වීමත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ ඔක්තෝබර් මස 31  වැනි දිනට වන විට රුපියල් බිලියන 39 ක බදු පසු ශුද්ධ ලාභයක් ලැබු බවත් එම අධිකාරිය කීය. එය පෙර වසරට සාපේක්ෂව බදු පසු ශුද්ධ ලාභයේ  රුපියල් බිලියන 12 ක පමණ වර්ධනයක් බව ද එම අමාත්‍යංශය සදහන් කළේය.