චීන ආධාර යටතේ කොළඹ ගාලු මුවදොර මුහුදේ කොටසක් ගොඩකර ඉදිකරන්නට ගිය වරාය නගරයේ වැඩ අත්හිටුවා තිබේ.
මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පැවසූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති විශේෂ කමිටුවේ වාර්තාව එනතුරු එහි වැඩ අත්හිටවූ බවයි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අවාසියට හේතුවී ඇතැයිද ගොඩකර තනන නගරයෙන් හෙක්ටයාර් 50ක් ගිය රජය චීන රජයට හිමිකරදී ඇතැයි ද හෂීම් මහතා පවසයි.
මේ නිසා චීන සබ්මැරීන් හා නැව් ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩකඩ ඉබේම ලැබෙන බවත් එය රටේ ආරක්ෂාවට තර්ජනයක් බවත් ඔහු පවසයි. නිසි නීතිමය අනුමැතියක් නොලැබ ගිවිසුම අත්සන් කර ඇති බව පෙනේ යැයිද ගිය රජය ශ්‍රී ලංකාවට අවාසි සහගත එවැනි ගිවිසුම් තවත් අත්සන් කර ඇතැයිද ඔහු පවසයි.
නීතිපති, පරිසර අධිකාරිය, ආයෝජන මණ්ඩලය, මුදල් අමාත්‍යංශය හා වරාය අධිකාරියේ නියෝජිතයෝද මේ කමිටුවට ඇතුළු වෙති.
කමිටු වාර්තාව නිකුත් වීමට සති කිහිපයක් ගතවිය හැකි බවද ඇමැතිවරයා කියයි.

