වරාය පුරයට ෆයිල් ගහයි


කොළඹ වරාය පුරයේ වැඩ නතරකර ඇතත් ගොඩකළ පෙදෙස් මෝසම් සමයේ මුහුදු කෑම වැළැක්වීම සඳහා චීන සමාගමේ ඉල්ලීම අනුව ෆයිල් ගැසීමට ඉඩ දී ඇතැයි වරාට ඇමැති අර්ජුන රණතුංග මහතා කියයි.

පසුගිය රජයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හිතුමතේට ආරම්භ කළ මෙය මුළුමනින්ම යළි මුල සිටම සොයා බලා අවශ්‍ය වුවහොත් සැලසුම් යළි සකසා ඇතැයිද ඇමැති කීවේය.

මත්තල ගුවන්තොට ගැන සඳහන් කළ ඇමැති පැවසූයේ එම ගුවන්තොටට ආයෝජකයකු සොයා ගැනීමට රජය අපොහොසත් වුවහොත් එහි නඩත්තුව වෙනුවෙන් මාස්පතා සොයා ගත යුතු රුපියල් විසිපන් කෝටිය සම්බන්ධයෙන් අමාත්‍යංශය අවුලකට පත්වනු ඇතැයිද එහෙයින් එම ගුවන්තොටට දේශීය හෝ විදේශීය ආයෝජකයකු සොයන බවත් එහෙත් එය වසා නොදමන බවත් ඔහු කියයි.

මත්තල ගුවන්තොටේ 400 ක් පමණ වූ සේවකයන්ගෙන් 250 දෙනකු කටුනායකට මාරු කර ඇතැයිද ඔහු කියයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය හා පාඩු ලබන මිහින් ලංකා ගුවන් සේවය ඒකාබද්ධ කළ යුතුද නැද්ද යන්න ජේ.සී.වැලිඅමුණ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරන බවත් ඔහු කියයි. එම වාර්තාව ලබන 31 වැනිදා ලැබීමට නියමිතය.