කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් හා ඊට අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳව කරුණු දැනුම්දීමට ලබන අප්‍රේල් 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය අද (18) නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය.
එහි ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.
පෝර්ට් සිටි ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, එච්.සී.ජේ.මඩවල යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදුන්නේය.

