කොළඹ ගාලු මුවදොර මුහුද ගොඩකර ඉදිකිරීමට යෝජිත වරාය නගරයට එරෙහිව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල අද (09) විභාගයට ගැනිණි.
එම මධ්‍යස්ථානය වෙනුවෙන් හා එහි කැඳවුම්කරු රවීන්ද්‍ර කාරියවසම්,ලේකම් වෑකඳවල රාහුල හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් එක් වු අතර එම විභාගයට කරුණු පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ,වෙරළ සංරක්ෂක අධිකාරිය,මධ්‍යම පරිසර අධිකාරීය සහ ජාතික හෞතික සැලැසුම් දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිලධරයෝ පිරිසක්ද සහභාගී වුහ.



