වරාය නගරයේ 47 කට සහ ගාලුමුවදොර වැඩබිමක 14 කට කොරෝනා


 

(ඩයනා උදයංගනී)

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතුවල නිරත  චීන ජාතිකයින් සිව් දෙනෙකු ඇතුළු 47 ‍‍ දෙනෙකුට සහ ගාලුමුවදොර ප්‍රදේශයේ වැඩබිමක සේවය කරන ඉන්දීය ජාතිකයින් 14 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හමුවූ බව එම අංශ සඳහන් කරයි.

මෙම ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.