කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් 06 වැනි දා කොළඹදී පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තවේ.
මෙම සඳහා චීන රජයේ විශේෂ නියෝජිතයෙකුවන චීන වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කටයුතු දෙපාර්තමේන්තු උපදේශකයෙකු වන යැන්ග් වේයිකුං ඇතුළු දූත පිරිසක් පැමිණෙන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම චීන දූත පිරිස හම්බන්තොට වරාය අවට යෝජිත ආයෝජන කලාපය සහ යෝජිත කොළඹ ‐ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමඟ අවසන් තීන්දු තීරණ වලට එළැඹෙනු ඇතැයිද වාර්තාවේ.

