මහින්ද රාජපක්ෂ රජය යටතේ ශ්‍රී ලංකා වරාය අධීකාරියේ සිදු වු බව කියන වංචා හා දුෂණ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරිමට වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් සිවු පුද්ගල කමිටුවක් අද (22) පත් කළේය.
ජනාධිපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට වරලත් ගණකාධිකාරි හා විගණන විශේෂඥ අමිත ශාන්ත අමරතුංග හා නීතිඥ ගාමිණි බණ්ඩාර මහතා පත්කරනු ලැබ සිටිති.

