ඩයනා උදයංගනී
හම්බන්තොට වරාය ප්‍රතිව්‍යුහකරණය කිරීමට අදාළ අනුග්‍රාහක ගිවිසුම සකස් කොට ක්‍රියාවට නැංවීම සඳහා පත්කර ඇති අනුකමිටු සාමාජිකත්වයෙන් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉවත්වීමට යතියි රජයේ ආරංචි මාර්ග කිවයයි.
ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් පත්කර ඇති මෙම අනුකමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මලික් සමරවික්‍රම, අර්ජුන රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර සහ සාගල රත්නායක අමාත්‍යවරු සිටිති.
මේ ගැන කළ විමසීමක දී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේ එම කමිටුවේ සේවය කිරීමේ අදහසක් තමන්ට නොමැති බවයි.

