වර්ෂාව මැද යන සජබ විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාර


 

(නිමල කොඩිතුවක්කු)

පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බලකරමින්  සමගි ජනබලවේගය  කොළඹදී සංවිධානය කළ විරෝධතාවය පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

"ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු කොළඹට රොක් වෙමු" තේමාවෙන් මහවැසි මධ්‍යයේ විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව විරෝධතාවය සංවිධාන කර තිබිණ.

ඡන්ද අයිතිය රැකගන්න කොළඹට රොක් වෙමු, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න කොළඹට රොක් වෙමු ආදි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.