වර්ණසිංහට ජනපතිගෙන් වර්ණවත් පදවියක්


බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බස්නාහිර පළාතේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබ සිටියි.

වර්ණසිංහගේ ඇමැතිකම අහිමි වූයේ අය වැය විවාදයේ දී ඔහුගේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු අමාත්‍යංශය මහ ඇමැති යටතට පවරා ගැනීමෙන් පසුය.

වර්ණසිංහ මහතා ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයා ලෙස සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.