වර්ණසිංහට කට අරින්න ඉඩ නොදෙයි


මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීම නිසා බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට සිය ප‍්‍රකාශය අතරමග නවත්වා අසුන් ගැනිමට සිදුවිය.

වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කිරීමට ඇති බව හිටපු ඇමති කීවේය.

සභාපති සුනිල් විජේරත්න මහතා පැවසූයේ වරර්‍පසාද යටතේ ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

මෙරිල් පෙරේරා, මහේෂ් අල්මේදා, ගුණසිරි ජයනාත් මෙන්ම විපක්‍ෂයේ සුසිල් කිඳෙල්පිටිය මහතාද වර්ණසිංහ මහතාගේ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් බාධා කළහ.