වර්ණසිංහගේ ඇමැතිකම් මහ ඇමැති බාරගනී


බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහගේ ඇමැති ධූරවල දිවුරුම් දුන් බව බස්නාහිර පළාත් ආරංචි කියයි.

බස්නාහිර පළාත් සභාවේදී ඇමැති නිශාන්ත වර්ණසිංහගේ අමාත්‍යංශවල අයවැය පරාජය විය.

ඒ අනුව බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු යන අමාත්‍යංශ මහ ඇමැතිවරයා යටතට පැවරිණි.

webisura_201512292 webisura_201512297

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා