බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු අමාත්‍යාංශය ලබන සතියේ දී තමන් වෙත පවරා ගන්නා බව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ලංකාදීප එසැණ ට පැවසීය.
මෙම අමාත්‍යාංශයේ වැය ශීර්ෂ හයම ඡන්ද විමසීමේදී පරාජය විය. ලබන වසරේදී ඊට අයත් ආයතනවල වැටුප් ගෙවීම ආදී කටයුතු වෙනුවෙන් මුදල් වෙන්කරගැනීමට නොහැකි වන බැවින් එම අමාත්‍යංශ පවරාගෙන ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු කරගෙන යාමට තීරණය කළ බව ද ඔහු සඳහන් කළේය.
මෙම ඇමති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ වැය ශීර්ෂය ඉදිරිපත් කළේමහා ඇමතිවරයා බැවින් එය පරාජයවීමේ වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.
අයවැයක එක් වැය ශීර්ෂයක් පමණක් පරාජය කළ නොහැකි බව කී අමාත්‍යවරයා එක් වැය ශීර්ෂයක් පරාජය වූයේ නම් සමස්ත අයවැයම පරාජය වන බවද ස`දහන් කළේය.
පළාත් සභා ඉතිහාසයේ වැය ශීර්ෂයක් පමණක් පරාජයවීමේ පූර්වාදර්ශයක් නොමැති නිසා මෙය සම්මත කිරීමට පෙර සභාපතිවරයා නීති උපදෙස් ලබාගත යුතුව තිබූ බව කී වර්ණසිංහ මහතා තමාට අකමැති නම් බලහත්කාරයෙන් ධුරයේ සිටීමේ උවමනාවක් නැතැයි ද කීවේය.

