සඳුදා පවත්වන්නට යන දුම්රිය වැඩ වර්ජනය නිසා අද රාත්‍රී තැපැල් දුම්රිය අටක් ධාවනය අවලංගු කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී එල් ඒ ආර් රත්නායක මහතා කියයි.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ ඕමන්තේ බලා යන තැපැත් දුම්රිය සහ බදුල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ ඕමන්තේ සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත තැපැල් දුම්රියන් එලෙස අවලංගු කර ඇත.