වර්ජනය අවසන් : සිසුහු ජනපති අගමැති හමුවෙති


යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අද උදේ එහි පැවැති විරෝධතාවෙන් පසු ශිෂ්‍ය සංගම් නායකයෝ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සමඟ සාකච්ඡාවක් කළහ.

එම සාකච්ඡාවට උප කුලපති, ආචාර්යවරුන්ට අමතරව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩී.එම්.ස්වාමිනාදන් මහතා ද එක්විය.

යාපන විශ්ව විද්‍යාලයේ උප කුලපති වසන්ති අරසරත්නම් ඇතුළු ආචාර්ය මණ්ඩය ජනපති මෛත්‍රිපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ  හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් අඟහරුවාදා (1) හමු විමට  නියමිතය.

රජයේ නායකයන්ගෙන් ළුලදායි පිළිතුරක් ලැබෙනු ඇතැයි ද එම තත්ත්වය යටතේ උද්ඝෝෂණය නතර කළ බව ද සිසුහු පැවසුහ.

පොලිස් වෙඩි තැබිමෙන් මිය ගිය බව කියන යාපන සරසවි සිසුන් දෙදෙනා සම්බන්ධ පක්ෂපාති හා සාධාරණ පරික්ෂණයක් කරන ලෙස ලෙස ඉල්ලමින් දෙවැනි වරටත් අද උද්ඝෝෂණය පැවැත්විණි.

0-02-06-38ef0088b9085114d430571e661a1ba4f1834bb0904185fd8522dfced36b6d82_full 0-02-06-3e412a4d9d6e39d57b67d3b579b36da573771ecd2b24d4c27a4a1f1af87b29f5_full