විදුලි බිලට එරෙහි වර්ජනය නිසා රජයේ හෝ ඕනෑම කාර්යාලයයක් අඟහරුවාදා (21) වසා තැබුවහොත් තමා ඉල්ලා අස්වෙන බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර මහතා ගම්පොල රතනසාර විහාරයේ දී පැවසීය.
‘විපක්ෂය වර්ජනය කරන්නේ සුළු දේවල්වලට විතරයි. මේකත් ඒවගේ එකක්. එකම කාර්යාලයයක් හෝ වහලා පෙන්වන්නැයි මා ඔවුන්ට අභියෝග කරනවා. වර්ජන කරන්න ගිහින් ලාල් කාන්ත එකපාරක් ඇන ගත්තා. මේ පාර රනිලුයි ලාල් කාන්තයි දෙන්නම ඇන ගන්නවා.