වරප්‍රසාද යෝජනාව ඡන්ද 32 කින් සම්මතයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීම  සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා සම්මතය  වැඩි ඡන්ද 32කින් පාර්ලිමේන්තුවේදී අද (21)  පස්වරුවේ සම්මත විය.

යෝජනා  සම්මතයට පක්ෂව ඡන්ද 75ක්  ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හතළිස් තුනක් පමණි. සමගි ජන බලවේගය පක්ෂය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

මෙම යෝජනා සම්මතය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්විණ. යෝජනා සම්මතය සම්බන්ධයෙන් එහිදී උණුසුම් වාද විවාද ඇතිවිය.