කොළඹ නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ වම් අත කපා ඉවත් කිරීමට සිදු වූයේ මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගේ නොසැලකිල්ල සහ රෝහල් සේවයේ පවතින යම් යම් ගැටළු හේතුවෙන් යැයි ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටු වාර්තාවේ සඳහන් වන බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක කියයි.
ඔවුනට කමිටුවක් මගින් චෝදනා පත්‍ර සකස් කර ඒවා විනය පියවර ගැනීමට රාජ්‍ය සේවා කොමිසමට යොමු කරන බව ද ඔහු කීවේය.