වරද පිළිගත් දිමන්ක සමාව ගනියි


ජනප්‍රිය ගායකයෙකු වූ රෝයි පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් කනගාටුව පළකරද්දි යොවුන් පරපුරේ ගායකයෙකු වූ දිමන්ක වෙල්ලාලගේ විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවේ රෝගී තත්ත්වයෙන් පසුවන ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා මියගිය බවට සඳහනක් කර තිබුණු අතර ඔහුට නිවන්සුව පැතීමට දිමන්කගේ ෆේස්බුක් පිටුවෙන් කටයුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් දිමන්කට දෝෂාරෝපණ රැසක් එල්ලවී තිබුණු අතර, දිමන්කගේ ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන තරුණයෙකු විසින් වැරදීමකින් ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ඡායාරූපයක් සමඟින් මෙලෙස නිවන් සුව ලැබේවායි ප්‍රසිද්ධියේ පළ කිරීම මෙයට හේතුව වී තිබුණා.

ඔහු ඒ අවස්ථාවේදී විදේශ රටක සිට ලංකාවට පැමිණ තිබූ අතර Facebook ඔස්සේ සජීවීව වීඩියෝවක් සමඟින් සිදුවූ වැරැද්ද නිවැරදි කිරීමට ඔහු කටයුතු යොදා තිබුණෙ මෙලෙසිනි. 

20170122Dimanka-2