වරකාපොල තැපැල් කාර්යාලයේ මුද්දර-මුදල් සොරකම් කරලා


(ඉන්දිකා රාමනායක )

වරකාපොල ප්‍රධාන තැපැල් කාර්යාලට    ඇතුළු වී  එහි තිබූ රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුද්දර සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය පරීක්ෂණ පවත්වයි

ඉකුත් (21) දින රාත්‍රියේ කිසිවකු විසින් එහි ජනේලය බිඳ ඇතුළු වී ලාච්චුවේ තිබූ  රුපියල්  1,70,000 ට අධික මුදලක්, සහ රුපියල් 9 ලක්ෂයකට ආසන්න මුද්දර සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තැපැල් ස්ථානාධිපතිනිය   මේ සම්බන්ධයෙන්  ඊයේ (24) වරකාපොල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.