වයිෆයි දන්සල් දෙකක්


වෙසක් දිනයේදී නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයාදෙන වයිෆයි දන්සල් දෙකක් කොළඹදී සහ මාතරදී සක්‍රිය කරන බව ජාතික තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.

ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් වයිෆයි දන්සල් දෙකක් සක්‍රිය කරන ප්‍රථම අවස්ථාව මෙය වන්නේය.

කොළඹ වයිෆයි දන්සල ලේක්හවුස් වෙසක් කලාපයේ සක්‍රිය කෙරෙයි. මාතර පුස්තකාලය සහ රෝහල් පරිශ්‍ර ආවරණය කෙරෙන ආකාරයට මාතර වයිෆයි දන්සල සක්‍රිය කෙරෙයි.

මෙම සද්කාර්යය සඳහා ඩයලොග් සහ ලංකාබෙල් ආයතන තම දායකත්වය ලබාදී ඇත.

මේවන විට වයිෆයි කලාප අසූතුනක් රටතුළ සක්‍රිය වෙයි. ප්‍රථම වයිෆයි කලාපය සක්‍රිය වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රියපළ පරිශ්‍රයේදීය.