ජනාධිපතිගේ හිටපු වෛද්‍ය උපදේශක බව කියන එලියන්ත වයිට්ගේ රියට වෙඩි තබා ඇති පුද්ගලයා දක්ෂ වෙඩික්කාරයකු බව පෙනේයැයි රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්ෂක පී ඩී මඩවල කියයි.
ඔහු මිරිහාන පොලිසියේ දී එම කාරයට වෙඩි වැදී ඇති ආකාරය පිරික්සීය.
පිටුපස ආසනයේ සිටින පුද්ගලයා ඉලක්ක කරමින් හරියටම වෙඩි පහර එල්ල කිරීම එසේ මෙසේ මිනිහකුට පැරි බව ඔහුගේ මතයයි.

