වයිකෝ සමග 300ක් කූඩුවේ


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඉන්දියාව මුළුමනින්ම වර්ජනය කළ යුතු යැයි කියමින් තමිල්නාඩුවේ චෙන්නායි නුවර පෙළපාළි ගිය මරුමලරච්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ (එම්.ඩී.එම්.කේ) නායක වයිකෝ ඇතුළු 300ක්  පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

දුම්රිය ගමන ද අවහිර කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.

තමිල්නාඩුවේ බොහෝ කඩ සාප්පු වසා තිබිණි.

ඊලාම් හිතවාදී එම්ඩීඑම්කේ ඇතුළු සංවිධාන 20ක් පමණ උද්ඝෝෂණය කරමින් පැවසුවේ චෝගම් සමුළුව ඉන්දියා රජය මුළුමනින්ම වර්ජනය කළ යුතු බවයි.

උද්ඝෝෂකයෝ චෙන්නායි බලා ගිය වයිගායි දුම්රිය පැයකට වැඩි කාලයක් නතර කරගෙන සිටියහ.

තවත් දුම්රිය ගමන් ද ඇන හිටියේ ය.

ඉන්දියාව චෝගම් සමුළුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු යැයි ද, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා යුද අපරාධවලට ලක් කළ නිසා  ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් අත්හිටුවිය යුතු යැයි කියැවෙන යෝජනාවක් තමිල්නාඩු මැතිසබරයේ දී පසුගිය ඔක්තෝබර 24 වැනි දා සම්මත විය.