වයිකෝ කට්ට්යේ 150 අත්අඩංගුවේ


තමිල්නාඩුවේ  යුද පුහුණුව ලබන ශ්‍රී ලාංකික  හමුදා නිලධාරීන් දෙදෙනා  වහාම ආපසු ශ්‍රී ලංකාවට  යවන ලෙසට  තමිල්නාඩු මහ ඇමතිනිය  ජයලලිතා විසින්  ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැන්වීමත් සමග කුපිත වු තමිල්නාඩු අන්තවාදීන් වෙලිංටන් හමුදා විදුහල අසල උද්ඝෝෂණයක් ඇරැඹුහ.

 මේ නිසා තමිල්නාඩුවේ  නීල්ගිරි දිස්ත්‍රික්කයේ  වෙලින්ටන් හමුදා කඳවුර වටා දැඩි ආරක්ෂ විධිවිධාන යෙදීමට ඉන්දීය රජයට සිදු විය.

 මේ අතර තමිල්නාඩු පොලීසිය විසින්  හමුදා විදුහල අසල උද්ඝෝෂණයේ යෙදුණු  150 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.

 මේ උද්ඝෝෂණය සංවිධානය කැර ඇත්තේ  කොටි හිතවාදීන් වන වයිකෝගේ පක්ෂයේ සාමාජිකයින් බව අනාවරණය වී ඇත.