වයිකෝ ඇතුළු 1000 ක් අත්අඩංගුවට


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙදින ඉන්දිය නිල සංචාරයට විරෝධය පාමින් එරට නවදිල්ලි ඇතුළු ප‍්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වූ ඉන්දීය එම්.ඞී.එම්.කේ. පක්‍ෂයේ නායක හා කොටි හිතවාදී වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ ඇතුළු උද්ඝෝෂකයින් 1000 කට වැඩි පිරිසක් ආද (08* ඉන්දියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පිරිස නවදිල්ලි නුවර පිහිටි ඉන්දිය අගමැති නිල නිවාස ආසන්නයේ විරෝධතාවයක නිතර වීමට තැත් කිරීම යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
තවද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද බුද්ධගයාවට පැමිණි අවස්ථාවේදී එහි සිටින වාමාංශික පක්‍ෂවලට සම්බන්ධ පිරිස් විරෝධතාවයක් සංවිධානය කළේය. මේ හැර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට විරෝධය දක්වමින් තමිල්නාඩු හිටපු මහ ඇමැති සහ ඞී.එම්.කේ. පක්‍ෂ නායක එම්. කරුණානිධි ඔහුගේ පක්‍ෂ සාමාජිකයින් 3000 ක සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතාවක් පැවැත්වූහ.