වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ නව වාර්තා 32 යි


කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවති පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (21 වැනිදා) සියලූ තරග නිමාවන විට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් පිහිටුවන නව තරග වාර්තා සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ නැග තිබිණ. අද දිනයේ පමණක් පිහිටුවන ලද නව වාර්තා සංඛ්‍යාව 6 කි.

තරගාවලියේ පළමු දිනයේදී නව වාර්තා 9 ක්ද, දෙවැනි දිනයේ නව වාර්තා 9 ක්ද, තුන්වැනි දිනයේදී නව වාර්තා 8 ක්ද පිහිටුවන ලදි. තරගාවලියේදී වාර්තාවූ පැරණි වාර්තා අභිබවා ගිය අවස්ථා ගණන 7 කි.

 

අවසන් දිනයේ පිහිටුවන ලද නව තරග වාර්තා

15 න් පහළ (බාලිකා) මීටර 400 (මිශ‍්‍ර සහය පිහිනුම්)
මහනුවර මහාමායා විදුහල - වි. 05 : 17 . 09

15 න් පහළ (බාලක) මීටර 400 (මිශ‍්‍ර සහය පිහිනුම්)
ශාන්ත ජොශප් විදුහල - වි. 04 : 36 . 87

15 න් පහළ (බාලිකා) මීටර 400 (නිදහස් ආර සහය පිහිනුම්)
මහනුවර මහාමායා විදුහල - වි. 04 : 36 . 84

17 න් පහළ (බාලිකා) මීටර 400 (නිදහස් ආර සහය පිහිනුම්)
කොළඹ විශාකා විදුහල - වි. 04 : 40 . 93

17 න් පහළ (බාලක) මීටර 400 (නිදහස් ආර සහය පිහිනුම්)
කොළඹ ආනන්ද විදුහල - වි. 03 : 53 . 15
* මහනුවර ති‍්‍රත්ව විදුහල - වි. 03 : 55 . 93
* කොළඹ රාජකීය විදුහල - වි. 03 : 58 . 61

19 න් පහළ (බාලක) මීටර 400 (නිදහස් ආර සහය පිහිනුම්)
කොළඹ රාජකීය විදුහල - වි. 03 : 57 . 00

* පැරණි වාර්තා අභිබවා ගිය අවස්ථා