වයස හැත්තෑවයි රජරටට සයිකල් සවාරියක


 

සිය හැත්තෑවැනි ජන්ම දිනය නිමිත්තෙන් මතුගම හොරවල සිට අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය දක්වා පා පැදියෙන් ගොස් වන්දනා කිරීමට  හොරවල ප්‍රදේශයේ පුද්ගලයකු  කටයුතු කළේය

හොරවල අඳුන්වත්තේ  කරුණාතිලක රූපසිංහආරච්චි වන ඔහු  හොරවල ශෛලශේකරාරාමයෙන්  අද උදැසන 6.30 මේ සඳහා සුබ මොහොතින් ගමන් ඇරඹුවේය

මෙම ගමනේ ප්‍රථම දිනය  කුරුණෑගල ඇත්කඳ විහාරය දක්වාද  දෙවනුව  ජය ශ්‍රි මහා බෝධිය අභියසට පිටත් වීමට සිතා සිටින අතර  නෑබඩ - හොරණ- පාදුක්ක- පස්යාල- වරකාපොළ- පොතුහැර- කුරුණෑගල-යන මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිතා සිටී

දුම්වැටි මත්පැන් වලින් තොරව දිවිය ගෙනයන කරුණාතිලක මහතාට මේ සඳහා පිටත්විමට පෙර ශෛලශේකරාරාම විහාරාධිකාරී මාහිංගොඩ විජය මෛත්‍රිහිමියන් විසින් පිරිත් නුල් ගැට ගසා ආශිර්වාද කළ අතර ප්‍රදේශවාසි සුබ පතන්නන් රැසක්ද  විහාරස්ථානයට එක්ව සිටියහ