වයස හතයි : අවි කර තියන් යුද පිටියේ


කුඩා දරුවන්   දෙදෙනකු වටා ගෙතුණු කතාවකි. මෙම කුඩා දරුවන් දෙදෙනාට ලෝකය උරුම ස්ථාන කවරේදැයි වීඩීයෝ පට දෙකකින්  පෙනේ. සිරියාවේ අහමඩ් අල් කතීබ්ගේ වයස අවුරුදු අටකි. ඔහුගේ මව  රජයේ හමුදා ප්‍රහාරයකින්  මරුමුවට පත්වී එහි පළිය ගැනීම සදහා  කුඩා අහමඩ්  ජනාධිපති බසාර්  අල් අසාඩ්ගේ  රජයට විරුද්ධව සටන් වදින කැරලිකරුවන්ට එකතු විය.

 දුමිවැටියක් උරමින්  ගිනි අවිය තුරුලු කරන්    යුද ක්‍රියාකාරකම්වල යෙදෙන අහමඩ් යුරෝපා  මාධ්‍යවේදියකුගේ කැමරාවේ  මෙසේ සටහන් විය.

 අවුරුදු හයක් වයසැති ආවේරි මොලොක්  ඔහු වැනිම කුඩා දරුවෙකි. කුඩා වුවද දක්ෂ ඩ්‍රම්  වාදන ශිල්පියකු වන ආවෙරි බටහිර සංගීත කණ්ඩායමක සාමාජිකයෙකි. අවුරුදු දෙකේදී  සංගීතයට  දැඩි ලෙස ඇළුම් කළ ආවේරිගේ ආශාව ඉටු කිරීම ඔහුගේ  දෙමාපියන්ට හැකි විය.