ලංගම සතු පැරැණි බස් රථ සියයක් පමණ අලුත්වැඩියා කැර කතරගමට රැගෙන විත් කිරිවෙහෙර අභියස අසුහතරදහසක පහන් පිංකමක් පවත්වා ආසිරි ගැන්වීමේ පිංකම ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සංගමය මෙවරද පැවැත්වීය.
වසර 50 කට පෙර ලංගමයේ තිබු ඇතැම් බස්ද රුපියල් ලක්ෂ එකහමාරකටත් අඩු වියදමකින් අලුත් වැඩියා කැර තිබේ.

