1971 දී බල පත්‍රයක් නොමැතිව කුලී රියක් පැදවු හතලිස් හැවිරිදි රියදුරකු වන එච් පී ඩි නිර්මිසේන (83) වරෙන්තු පිට සිටියදී වසර 43 කට පසු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.
මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා ඔහුගේ වයස සළකා සානුකම්පිත හේතු මත අවවාද කැර ඔහු නිදහස් කළේය.
මේ නඩුව පවරා තිබුණේ මහනුවර පොලීසියෙනි. නඩුවට නොපැමිණිම නිසා වසර හතලිස් දෙකක් තිස්සේම ඔහුගේ වරෙන්තුව අහෝසි වී නොතිබිණි.

