වයස 32යි : හොරකම් 32යි


දිවා හා රාත්‍රී කාලයේ ගෙවල් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධි 32කට සම්බන්ධ බව කියන සැකකරුවකු (32) සොරා ගත් රුපියල් පන් ලක්ෂයක පමණ භාණ්ඩද සමග අත්අඩංගුවට ගත් බව ගනේමුල්ල පොලීසිය කියයි.

ඔහු ගම්පහ මාකේවිට පදිංචිකරුවෙකි.

ජා ඇළ සොරකම් 15කට ද, ගනේමුල්ලේ 12කට ද ගම්පහ දෙකකටද ඔහු සම්බන්ධ බවට ගනේමුල්ල පොලිස් ස්ථානාධිපතිට ලැබුණු තොරතුරක් අනුව බයිසිකල්, පරිගණක, ලැප්ටොප්, කැමරා, රන් ආබරණ, ජංගම දුරකතන ආදියද සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇත.