වයස 18 න් පහළ පාසල් අත්පන්දු තරගාවලිය මීගොඩදී අද ඇරඹේ


ශ්‍රී ලංකා පාසල් අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 18 න් පහළ (බාලක/බාලිකා) අත්පන්දු තරගාවලිය අද (27) සිට 29 වැනිදා දක්වා මීගොඩ මහ විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් බාලක කණ්ඩායම් 24 ක්ද බාලිකා කණ්ඩායම් 12 ක්ද පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංචිත නියෝජනය කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ද මෙම තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටිති.

තරගාවලියේ ජයසංකේත ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ උපාලි අමරතුංග මහතාද, විශේෂ ආරාධිත අමුත්තා ලෙස නියෝ සමාගමේ සභාපති රේමන් විජේතුංග මහතාද, සහභාගිවිමට නියමිතය.

වසර තුනක සිට ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමයේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස කටයුතු කරන නියෝ හෝම්ස් සමාගම මෙම තරගාවලියට ද අනුග‍්‍රහය දක්වයි.

 

(ඡයාරූපය: සුමින්ද සුදර්ශන පතිරණ)  

 

 

 

 

 

 

 

 

 

 

 

නියෝ හෝම්ස් සමාගමේ සාමාන්‍යධිකාරි සරත් රත්නායක මහතා විසින් පාසල් අත්පන්දු සංගමයේ සභාපති ඞී. එම්. ඞී. දිසානායක සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න යන මහත්වරුන්ට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව.
පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතාද(වමේ) ඡයාරූපයේ සිටී.