වයඹ හා මධ්‍යම පළාත් සභා දෙකේ අවසන් රැස්වීම් අද


(ශිරාන් රණසිංහ)

මෙම මස නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙන් දෙකක් වන වයඹ හා මධ්‍යම පළාත් සභා දෙකෙහි අවසන් රැස්වීම් අද (02) පැවැත්විණි.

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය ලබන 08 වැනිදාද  වයඹ පළාත් සභාවේ නිල කාලය 10වැනිදා ද උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 20වැනිදා ද අවසන් වීමට නියමිතය.

මේ අනුව ලබන 20 වැනිදා වනවිට පළාත් සභා නවයෙන් පළාත් සභා හයකම නිල කාලය අවසන් වේ.

මීට පෙරාතුව සබරගමුව, නැගෙනහිර හා උතුරු මැද පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් විය.

උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවට දේශපාලන බලය ලබාදෙනු පිණිස හඳුන්වාදුන් පළාත් සභා මැතිවරණ ක්‍රමය යටතේ අඩුම තරමින් උතුර සහ නැගෙනහිර පළාත් වල මැතිවරණ පවත්වන්නේ නැතිනම් මෙම පළාත් සභා ක්‍රමය අහෝසි කර දමන ලෙස ඒකාබද්ධයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරු ඉල්ලා සිටිති.