වයඹ සභාපතිට එරෙහිව මාධ්‍යවේදීහු පාරේ


වයඹ  පළාත් සභාව වාර්තාකරණ මාධ්‍යවේදීන් හට  පළාත් සභා රැස්වීම් වලට  සහභාගී විම තහනම් කරමින් වයඹ පළාත් සභාපති  විසින් පැනවුණූ  තහනමට  විරෝධය පළකරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ  මාධ්‍යවේදීහු අද (25) කුරුණෑගල නගරයේ දී නිහඬ විරෝධතාවයක නිරත වුහ.

කළු පටි පැළඳ ,කට ප්ලාස්ටර් වලින්  වසා ගෙන මාධ්‍ය තහනමට විරෝධය පළ කළ මාධ්‍යවේදීන් “මාධ්‍ය දඩයමට එරෙහිව එකමුතුව පෙළ ගැසෙමු”  යනුවෙන් සඳහන් කළ දැනුවත් කිරිමේ පත්‍රිකා ද ජනතාව අතර  බෙදා  දුන්හ.  

DSC_0057[1] DSC_0059[1] DSC_0064[1]