(පුෂ්පකුමාර ජයරත්න)
වයඹ ආණ්ඩුකාරවර අමරා පියසීලි රත්නායක මහත්මියට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව ඔහු විදෙස් සංචාරය නිමවා ආපසු පැමිණෙන තුරු විවාදයට නොගෙන තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අඟහරුවාදා (7) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ප‍්‍රකාශ කළේය.
මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගි වීමට ගොස් සිටින ජනාධිපතිවරයා මෙම විශ්වාසභංගය පිළිබඳව තොරතුරු දැක ඒ පිළිබඳව තමන්ට දුරකථනයෙන් අමතා විමසීමක් කළ බවද ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ගරු කරමින් ආණ්ඩු පක්ෂයේ සියලූම මන්තී‍්‍රවරු සාකච්ඡා කර මෙම තීරණය ගත් බවද ප‍්‍රධාන අමාත්‍යවරයා පැවැසීය.
වයඹ ආණ්ඩුකාරවර අමරා පියසීලි රත්නායක මහත්මියගේ කි‍්‍රයාකලාපයට විරෝධය පාමින් වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් විසින් වයඹ පළාත් සභාවේ සභාපති වෙත බාරදී තිබූ යෝජනාවක් හදිසි හා අත්‍යවශ්‍ය යෝජනාවක් ලෙස අඟහරුවාදා (7) විවාදයට ගැනීමට නියමිතව තිබිණි.
1987 අංක 42 දරණ පළාත් සභා පනතේ පිහිටුවා ඇති වගන්ති ප‍්‍රකාරව කටයුතු නොකර, එම වගන්ති චේතනාත්මකව උල්ලංඝණය කරමින්, බලය අයුතු ලෙස භාවිතා කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා පළාත් සභා පනත උල්ලංඝණය කර ඇති බව ආණ්ඩුකාරවරියට එරෙහිව ගොනුකර තිබූ ප‍්‍රධානම චෝදනාව විය.
සභා රැස්වීම් න්‍යාය පත‍්‍රයට ඇතුළත් නොකර හදිසි අත්‍යවශ්‍ය යෝජනාවක් ලෙස ඊයේ පැවැති පළාත් සභා මාසික රැස්වීමේදී එම යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබුණි.
දහවල් තේ විවේකයෙන් පසුව එම යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබුණද තේ විවේකය අවසන් වී පැය එක හමාරකට ආසන්න කාලයක් ගතවන තුරුම ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු සභාවට නොපැමිණියහ.
ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු එසේ සභාවට නොපැමිණ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ හදිසි සාකච්ඡාවට සහභාගි වී ඇත. ඉන්පසුව එම දීර්ඝ සාකච්ඡාව නිමවා දහවල් 12.30 ට පමණ ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු සභාවට පැමිණ අසුන්ගත්හ.
මෙහිදී වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අදිකාරි මහතා ආණ්ඩු පක්ෂය විසින් ගෙන ආ ආණ්ඩුකාරවරියට එරෙහිව වූ යෝජනාව විවාදය සඳහා සභාවට ඉදිරිපත් කළේය.
එහිදී නැගීසිටි ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා මෙවැනි යෝජනාවක් විවාදයට ගැනීමට තීරණය කළේ ආණ්ඩුකාරවරිය පිළිබඳව වෛරයකින්, අමනාපයකින් හෝ ඇයව එම තනතුරෙන් ඉවත් කිරීමේ අරමුණින් නොවන බව පැවැසීය.
ආණ්ඩුකාරවරිය පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු වුවද එසේ නොකර තනි මතයට කි‍්‍රයාකිරීමට යාම තුළින් ඇය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝණය කොට ඇති බවද ඒ අනුව ඇයට එරෙහිව මෙම යෝජනාව ගෙන ඒමට සිදුවූ බවද ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේ වුවද මේ පිළිබඳව දැනගත් ජනාධිපතිවරයා ඒ සඳහා තීරණයක් ගැනීම සඳහා විදෙස් සංචාරය නිමවා එනතුරු සිටින ලෙස තමන්ට දැනුම් දුන් බවද පක්ෂයේ සහ රටේද ප‍්‍රධානියා ජනාධිපතිවරයා වන බැවින් ඔහුගේ ඉල්ලීමට ගරු කරමින් ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපතිවරයාට බාරදිය යුතු බවද ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
මේ අනුව මෙම යෝජනාව ඉදිරියේදී නැවත විවාදයට ගැනීම සඳහා දිනයක් ලබා දෙන ලෙසද ප‍්‍රධාන අමාත්‍යවරයා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඊයේ දිනයේ ඉතා දිගු කාලයකට අනුව වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලූම මන්තී‍්‍රවරු සභාවට පැමිණ සිටීමද විශේෂ කරුණක් විය.
මේ නිසා යම් හෙයකින් ඊයේ ආණ්ඩුකාරවරියට එරෙහිව ගෙන ආ එම යෝජනාව විවාදයට ගැනීමට හැකිවූවා නම් තුනෙන් දෙක බහුතරයකින් එම යෝජනාව ජයග‍්‍රහණය කෙට සම්මත කර ගැනීමට හැකියාව ලැබෙන බවද ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පැවැසීය.
විශ්වාසභංග යෝජනා විවාදයට නොගැනීම පිළිබඳව අදහස් පළ කළ වයඹ පළාත් සභාවේ විපක්ෂනායක ශමල් සෙනරත් මහතා (එජාප) ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මුස්ලිම් කොංග‍්‍රසයට සම්බන්ධ මන්තී‍්‍රවරුන් දෙදෙනාද ඇතුළුව මන්තී‍්‍රවරුන් පිරිසකගේ සහාය නොලැබෙන බව දැන ගැනීමෙන් පරාජයට බියෙන් වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයා පාවා දෙමින් එම යෝජනාව හකුලාගත් බව ප‍්‍රකාශ කළේය.

