වයඹ යට ගියාව


හලාවත - මුන්නේෂ්වරම්   අවස්ථා කීපයකදීම පුරා විද්‍යා වටිනාකමක් ඇති නටඹුන් හමුවී ඇතත් විදිමත්  කර නැති බව තරුණ පුරා විද්‍යා ගවේශකයෙකු වන හලාවත ඩේවිඩ් ගයාන් ඉන්දික මහතා කියයි.

හලාවත සිට කිලෝ මීටර් දෙකක් පමණ නැගෙනහිරට වන්නට පිහිටි මුන්නේෂ්වරම වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ  ඊශ්වර දේවාලය නිසාවෙනි. ඊශ්වර දේවාලය ආසන්නයේ ශ්‍රී භද්‍ර කාලි දේවාලයත් තවත් දේවාල කීපයක්ද පිහිටා ඇත.

 ගයාන් ඉන්දික මහතා මෙසේ ද කියයි. මුන්නේස්වරම ඊශ්වර දේවාලය පිහිටා ඇත්තේ අතීතයේදී මුලසෝම විහාරය පිහිටි ස්ථානයේය. දේවාලය ඉදිරිපිට අති අෂ්ඨ ඵල බෝධියද, මෑතකදී දේවාලය ඉදිරිපිටින් හමුවු සදකඩ පහනද ඊට සාක්කි දරයි.

13 හා 14 වැන සියවසේ දඹදෙනි යුගයේ දඹදෙනිය රාජධානිය කරගෙන සිටි   පැරකුම්බා රජ තුමන්ගේ දරුවකුට චර්ම රෝගයක් වැළදී ඇත.මෙම රජතුමා තම දරුවාගේ රෝගය සුව කර දෙන ලෙසට හලාවත පිහිටි මුලසෝ විහාරයේ මුලසෝ දෙවාලයට බාරයක් වී ඇත.ඉන් පසුව එම රෝගය සුව වු බව කියවේ.(මෙය සනාථා කරමින් වර්තමානයේද විවිධ පිරිස් චර්ම රෝගීන් වෙනුවෙන් මුන්නේෂ්වරම ඊශ්වර දේවාලය වෙත බාරහාර වෙති)   බමුණන්ගේ උපදෙස් මත තමන් විසින් කරණ ලද ඉල්ලීම දෙවියන් විසින් ඉටු කිරීමේ ප්‍රීතියෙන් උද්දාමයට පත් රජ තුමන් මෙම දේවාලයේ පුද පුජා පැවැත්වීම බ්‍රාහ්මනයන්ට පවරා ඇත.

කෙසේ වෙතත් ඉන් පසුව මුලසෝම විහාරයක් ගැන කථා නොවුවත් මුන්නේෂ්වරම දේවාලය ගැන කතා කරති.මෙම දේවාලය ආසන්නයේම තුමුලසෝම පිරිවෙන ද පිහිටා ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවට මෙම ප්‍රදේශයෙන් පුරා විද්‍යා වටිනාකමන් ඇති නටඹුන් රැසක් හමුවීඇත. පරාක්‍රමබාහු රජතුමන්ගේ සෙල් ලිපිය,පුරාණ මුර ගල්,දැනට වසා දමා ඇති සදකඩ පහන,ගල් කණු මීට හොදම උදාහරණ වේ.

මෙසේ හමුවී ඇති ඇතැම් නටඹුන් ඊශ්වර දේවාලය තුළත්,ඇතැම් නටඹුන් තුමුලසෝම පිරිවෙනේද වර්තමානයේ දක්නට ඇත.

මුන්නේෂ්වරම තුමුලසෝම පිරිවෙන් විහාරයට ආසන්නයෙන් පුරාණ නටඹුන් කීපයක් මෑතකදී හමුවී ඇත.කවන්ද පිළිමයක්,වෘත්තාකාර නෙළුම් මළක්,ගල් පාත්‍රයක්ද ඒ අතර වේ.මෙම නටඹුන් හමුවී ඇත්තේ අම්බලන්ගොඩැල්ල නමින් හදුන්වන ඉඩමෙනි.එම ඉඩම හදුන්වන නමෙහිද කිසියම්  පුරා විද්‍යාත්මක භාවයක් දක්නට ඇත.ඇතැම් විට මෙම ස්ථානයේ මුලසෝම විහාරයේ උප විහාරයක් තිබෙන්නටද ඉඩඇත.එමෙන්ම මෙම ප්‍රදේශයෙන්  විවිධ ප්‍රමණයේ ගඩොල් පසුගිය කාලයේ හමුවී ඇත.