
(රෝෂන් තුෂාර)
අනවසර ගොඩනැගිල්ලක් ඉවත් නොකිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් එක් ලක්ෂ විසි දහසක මුදලක් ඉඩම් හිමියාගෙන් ලබා ගත් බව කියන වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපිකරුවකු ලබන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (01) නියෝග කළේය.
වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු කාර්යාලයට අනුයුක්ත ප්‍රධාන ලිපිකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංච් අනවසර ගොඩනැගිල්ල හිමියෙකු අල්ලස් කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර ලිපිකරුවා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

