රස්නායකපුර, කොස්වත්ත හා සාලියවැව පොලිස් ස්ථානාධිපති වරුන් වන පොලිස් පරීක්‍ෂක තිලක් සුබසිංහ, පී. ආර් අබේනායක හා ඕසිත සිල්වාගේද මූන්දලම පොලිස් උප පරීක්‍ෂකවරයකුගේද වැඩ තහනම් කර ඇත.
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලක මහතාගේ නියෝගය අනුව මේ පියවර ගෙන ඇත. රස්නායකපුර, කොස්වත්ත හා සාලියවැව තිදෙනා මීගමුව පොලීසියේ සිටියදී කතක හා ඇගේ දියණිය පැහැරගෙන ගොස් පහරදුන්නැයි මීගමුවේ සුගත් නිශාන්ත ප‍්‍රනාන්දු මහතා පොලිස්පතිට කළ පැමිණිල්ලක් ද විභාග වේ.
මූන්දලම කොල්ලයක පරීක්‍ෂණ හරිහැටි නොකළැයි මූන්දලම උප පොලිස් පරීක්‍ෂකගේ වැඩ තහනම් කර ඇත.

