වයඹ පොලිස් බල ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය


වයඹ පළාතේ පොලිස් බල ප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් ප්‍රදේශවලට මෙලෙසින් ඇඳිරි නීතිය පැනවෙයි.