ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති තරගවලදී ඕෂදී රණසිංහ මෙහෙයවන බස්නාහිර කී‍්‍රඩිකාවෝ ලකුණු 20 ක ජයක් ලබමින් වයඹ පිලේ අපරාජිත වාර්තාව බිඳ දැමීමට සමත් වූහ. කෙසේ වෙතත් වයඹ පිල තරග හතරෙන් තුනක ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.
අද පැවැති අනෙක් තරගයේදී ඒෂානි ලොකුසූරිය මෙහෙයවන දකුණු පළාත් පිල විසින් මධුරි සමුදිකා මෙහෙයවන ඒකාබද්ධ පිල කඩුලූ 8 කින් පරාජය කරන ලදි.
ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකාරියක වන යශෝධා මෙන්ඩිස් දකුණු පළාත් පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 45 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස් කළාය.
වයඹ - බස්නාහිර තරගය
බස්නාහිර පළාත් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 102 ( ඕෂදී රණසිංහ 20, ශෂිකලා සිරිවර්ධන 28, දේදුණු සිල්වා 13, චමනි සෙනෙවිරත්න 17/2)
වයඹ පළාත් පිල ඕවර 19.5 කදී 82 (ප‍්‍රසාදීනි වීරක්කොඩි 17, චමනි සෙනෙවිරත්න 14, සුදීපා අතුකෝරළ 15/2, ඕෂදී රණසිංහ 14/3, ශෂිකලා සිරිවර්ධන 6/3)
ඒකාබද්ධ - දකුණ තරගය
ඒකාබද්ධ පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 87 (මධුරි සමුදිකා 29, හසිනි පෙරේරා 12, හංසිමා කරුණාරත්න 11, රුචිනි සමරසිංහ 11, ඒෂානි ලොකුසූරිය 9/2, උදේෂිකා ප‍්‍රබෝදනී 16/3, ශකිලා කුමාරි 11/2)
දකුණු පළාත් පිල ඕවර 15.4 කදී කඩුලූ 2 ට 89 (යශෝධා මෙන්ඩිස් නොදැවී 50, උදේෂිකා ප‍්‍රබෝදනී 18, ඒෂානි ලොකුසූරිය නොදැවී 17)
ඡයාරූපය ශාන්ත රත්නායක