අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වයඹ පිල සමත් විය. කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති අවසන් මහ තරගයේදී ජෙහාන් මුබාරක් මෙහෙයවූ වයඹ පිල ලකුණු 133 කින් තිළිණ කණ්ඩම්බි මෙහෙයවූ කඳුරට/ඌව ඒකාබද්ධ පිල පරාජය කිරීමට සමත් විය.
මෙහිදී වයඹ පිල වෙනුවෙන් ෆර්විස් මහරුෆ් (112) සහ යොවුන් ක‍්‍රීඩක නිරෝෂන් දිල්වැල්ල (104) ශතක රැස්කිරීමට සමත් වූහ.
නුවන් ප‍්‍රදීප් දක්‍ෂ පන්දුයැවිමක නිරත වෙමින් ලකුණු 46 කට කඩුලූ 5 ක් දවාගනිමින් කඳුරට/ඌව ඒකාබද්ධ පිල ලකුණු 215 කට සීමා කළේය.
වයඹ පිල ඕවර 50 යේදී කඩුලූ 4 ට 348
(ඩිල්ෂාන් මුණවීර 28, නිරෝෂන් දික්වැල්ල 104, ෆර්විස් මහරුෆ් 112, ජෙහාන් මුබාරක් 77, අමිල් ප‍්‍රසාද් 80/2)
කඳුරට/ඌව ඒකාබද්ධ පිල ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 215
(භානුක රාජපක්‍ෂ 24, කෞෂාල් සිල්වා 60, තිළිණ කණ්ඩම්බි 79, සචිත‍්‍ර සේනානායක 16, කෝසල කුලසේකර 20/2, නුවන් ප‍්‍රදීප් 46/5)
ශූරතාව දිනූ වයඹ පිල
(ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)

