මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වයඹ පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරු සඳුදා (27) පෙරවරු 8 සිට 12 දක්වා වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
සයිටම් විරෝධී වෛද්‍යවරුන්, සිසුන් හා වෘත්තීය සංගම් නායකයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් හෙට පස්වරුවේ කුරුණෑගල නගරයේදී රැස්වීමක්ද පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

