වසර දහයක් සේවය කළ පළාත් සභා මන්ත්‍රීනට විශ්‍රාම වැටුපක් ගෙවීමේ යෝජනාවක් වයඹ පළාත් සභා මන්ත්‍රී සෝමසිරි ගුණතිලක මහතා එහි කාරක සභාවකට ඉදිරිපත් කැර ඇත.
යෝජනාව සම්මත වුවහොත් මන්ත්‍රීවරු තිහක් පමණ විශ්‍රාම වැටුප් අයිතිය හිමි වනු ඇත.මීට පෙරද මෙවැනි යෝජනා ඉදිරිපත් වු නමුත් මහා භාණ්ඩාගාරයේ අනුමැතිය නොලැබිණි.

