වයඹ පළාත් පිල දෙවැනි ජය ලබයි


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය අද (22) පැවැති තරගවලදී චමරි අතපත්තු මෙහෙයවන වයඹ පිල සහ ශ්‍රීපාලි වීරක්කොඩි මෙහෙයවන මධ්‍යම පළාත් පිල ජයග‍්‍රහණ ලැබූහ.

වයඹ පිල කඩුලූ 6 කින් දකුණු පළාත් පිල පාරජය කරමින් දෙවැනි ජය ලැබීය. මධ්‍යම පළාත් පිල කඩුලූ 6 කින් බස්නාහිර පළාත් පිල පරාජය කළේය.

වයඹ - දකුණ තරගය

දකුණු පළාත් පිල  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 83
(චතුරානි ගුණවර්ධන 21, ඒෂානි ලොකුසූරිය 22, මල්ෂා ෂෙහානි 12, උදේෂිකා ප‍්‍රබෝදනී 11, චමනි සෙනෙවිරත්න 15/2, දුෂාන්ති දේදුණු 16/2)

වයඹ පළාත් පිල  ඕවර 16.5 කදී කඩුලූ 4 ට 84
(චමරි අතපත්තු 33, ප‍්‍රසාදිනී වීරක්කොඩි 12, චමනි සෙනෙවිරත්න 18, අමා කාංචනා නොදැවී 12)

බස්නාහිර - මධ්‍යම තරගය

බස්නාහිර පළාත් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 80
(දේදුණු සිල්වා 12, සඳමාලි දොළවත්ත 16, නිලූෂි සිල්වා නොදැවී 14, ශාලිකා නිලූක්‍ෂි 10/2)

මධ්‍යම පළාත් පිල  ඕවර 17.5 කදී කඩුලූ 4 ට 81
(ලසන්ත මධුෂානි 35, කාංචනා වීරක්කොඩි නොදැවී 13, ඩිලානි මනෝදර නොදැවී 24,  ඕෂදී රණසිංහ 20/2)