මෛත්‍රීපාල සිරිසේන ජනපතිට එරෙහි කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් බල කරමින් පාගමනක් යෑමට බලාපොරොත්තු වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද (19) මරදාන සීඑස්ආර් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
ඉදිරි මාසය ඇතුළත නව දේශපාලන පක්ෂයක් සාදා ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ දැන් අලියාගේ බෙල්ලේ සීනු බඳින්නට යන බව කී අමරසිංහ මහතා එහි නායක සහ නායකත්ව මණ්ඩලය බවත් වී නව නායකයකු පත් කර ගැනීමට පාක්ෂිකයන්ට බාර දෙන ලෙස ද ප්‍රකාශ කළේය.
පක්ෂයෙන් ආරාධනයක් ලැදහොත් නැවත ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය බාර ගන්නවාදැයි මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කීවේ සෝමවංශ අමරසිංහ යනු වමනේ කර නැවත කන ජාතියේ මිනිහෙන් නොවන බවයි.



